දිමුත් සහ ධනංජය ශ්‍රී ලංකා ඉනිම බේරාගැනීමේ සටනක

0
24

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් නවතා දැමීමට විනිසුරුවන් තීරණය කළේය.

අද ක්‍රියාත්මක වූයේ තරගයේ තුන්වන දිනයයි.

සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ඒ වනවිට කඩුලු 5ක් දැවී ලකුණු 176ක් රැස්කරගෙන සිටියහ.

ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ලකුණු 27ක් සහ උප නායක ධනංජය ද සිල්වා ලකුණු 30ක් රැස්කරගෙන නොදැවී පන්දුවට පහරදෙමින් සිටී.

ඒ වනවිට ඔවුන් පාකිස්තාන කණ්ඩායමට වඩා ලකුණු 323ක් ඉදිරියෙන් සිටී.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 378ක් රැස්කළ අතර එයට පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ආරම්භ කළ පාකිස්තාන කණ්ඩායම ලකුණු 231කට සියලුදෙනා දැවී ගියේය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රමේෂ් මෙන්ඩිස් කඩුලු 5ක් සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 3ක් දවාගැනීමට සමත්විය.