දළඳා වදින්න එන බැතිමතුන්ට විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලක්

0
150

මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා සමිදුන් වැදපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

අද (14) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් දියවඩන නිලමේවරයා මෙම අදහස් පල කළේය.

අධියර තුනක් යටතේ මෙම විෂවිජ නාෂක ක්‍රියාවලිය සංවිධානය කර තිබෙන බවද ඒ මහතා පැවසීය.

එමෙන්ම මෙම විෂබිජ නාෂක කටයුතු සඳහා දේශිය ඖෂධ වලින් යුත්ත මිශ්‍රනයකින් පිරිසිදු කර ගැනීමට බැතිමතුන්ට පහසුකම් සලසා තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

තවද දළඳා මාළිගය පරිශ්‍රයේදීම මෙම ඖෂධ නිපදවන අතර දවස පුරාවටම මෙම ඖෂධ ලබා දීමටද කටයුතු කර ඇති බව සඳහන්.

තවද දළඳා මාළිගය අවරණය වන පරිදි ඖෂධීය දුම් වහනයක් සිදු කරන බවද ඒ මහතා පැවසීය.