තෙල්දෙණියේ අනතුරකින් අයෙකු මරුට

0
366

මහනුවර – පදියතලාව මාර්ගයේ තෙල්දෙණිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

ලොරි රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර අනතුරෙන් 34 හැවිරිදි යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

පසුපැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර දඹුල්ල – හබරණ මාර්ගයේ දිගම්පතන නාවික හමුදා කඳවුර අසළදී ලොරි රථයක් හා කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ද පුද්ගලයෙකු මියගොස් තිබේ.

අනතුරෙන් කැබ් රථයේ ගමන්ගත් තිදෙනෙකු හා ලොරි රථයේ ගමන් කළ දෙදෙනෙකු බරපතළ තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී කැබ් රථයේ ගමන් කළ 49 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පැවසීය.