තුවක්කු එල්ලකර අසාධාරණ ලෙස පෙළඹවීමට උත්සාහ කරන්න එපා – ක්‍රිකට් ක්‍රීඩකයින් පිරිසක් ක්‍රිකට් ආයතනයට දන්වයි

0
56

අසාධාරණ සහ විනිවිදභාවයක් නොමැති ගිවිසුම් අත්සන් කිරීමට සූදානම් නොමැති බවත් තුවක්කු එල්ලකර ක්‍රීඩකයින් අසාධාරණ ලෙස පෙළඹවීමට උත්සාහ නොකරන ලෙසත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිරිසක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ට දන්වයි.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ගෙවීම් කොන්ත්‍රාත් සම්බන්ධයෙන් ඇතිව ඇති ගැටලුව ගැන නීතිඥ නිශාන් සිඩ්නි ප්‍රේමචන්ද්‍ර මහතා විසින් නිකුත්කර ඇති නිවේදනයක් මේ ව්බව සඳහන් වේ.

දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, සුරංග ලක්මාල්, කුසල් පෙරේරා, දසුන් ශානක, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, වනිඳු හසරංග, ලසිත් ඇඹුල්දෙණිය, පැතුම් නිශ්ශංක, ළහිරු තිරිමාන්න, දුෂ්මන්ත චමීර, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, ඉසුරු උදාන, ඕෂධ ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, ළහිරු කුමාර, ධනුෂ්ක ගුණතිලක, අශේන් බණ්ඩාර සහ අකිල ධනංජය වෙනුවෙන් ඔහු එම නිවේදනය නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මෑතකදී ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් වර්ගීකරණය කර ඒ අනුව එක එක ක්‍රීඩකයාට කරන ගෙවීම් දක්වා තිබුණි.

ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් පවසන්නේ එම වර්ගීකරණය සිදුකළ ආකාරය එක් එක් ක්‍රීඩකයාට දැනුම්දිය යුතු බවය.

එසේ නොකිරීමෙන් කණ්ඩායමේ අසමගියක් ඇතිවීමට ඉඩ ඇති බවත් ඔවුන් පවසයි.