තුන්ඉරියව් ක්‍රීඩකයෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

0
36

මොහොමඩ් හෆීස් ලාහෝර් නුවරදි කළ නිවේදනය

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වසර 18ක් පුරා දස්කම් දැක්වූ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන මොහොමඩ් හෆීස් සිය සමුගැනීම ගැන අද නිවේදනය කළේය.

පාකිස්තානයේ ලාහෝර් නුවර පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව නිවේදනය කළේය.

මේ වනවිට 41 හැවිරිදි වියේ පසුවන හෆීස් 2018 වසරේදී ටෙස්ට් පිටියෙන් සමුගත් අතර 2019 ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව එක්දින ජාත්‍යන්තර පිටියට සමුදුන්නේය.

ඔහු පසුගියදා පැවති 20/20 ලෝක කුසලාන තරගාවලියට ද එක්විණි.