ත්‍රීරෝද රථ සහ යතුරුපැදි අද සිට වම් මංතීරුවට

0
11

අද (16) සිට මංතීරු නීතියේ වෙනසක් සිදුකරන බව පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව අද සිට ත්‍රීරෝද රථ සහ යතුරුපැදි වම් පසු මංතීරුවේ පමණක් ධාවනය කළ යුතු බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා පවසයි.

මංතීරු නීතිය ක්‍රියාත්මක වුවද යතුරුපැදි සහ ත්‍රීරෝද රථ නිසි පරිදි මංතීරු නීතිය අනුගමනය නොකිරීම හේතුවෙන් ඇති වන රථ වාහන තදබදයට පිළියමක් ලෙස මෙය ක්‍රියාත්මක වන බව ඔහු සඳහන් කළේ ය.

කෙසේවෙතත් ලබන බ්‍රහස්පතින්දා සිට මංතීරු නීති කඩ කරන රියදුරන් වෙනුවෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.