තණමල්විල මනුෂ්‍ය ඝාතනයක්

0
53

තණමල්විල පොලිස් වසමේ ඌව කුඩාඔය ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇති වු ආරවුලක් දුරදිග යෑමෙන් පුද්ගලයෙක් ඝාතනයට ලක්ව තිබේ.

ඊයේ (22) රාත්‍රී 7.30ට පමණ එහිදී පුද්ගලයෙකුට පොල්ලකින් පහරදීමක් සිදුව ඇති අතර, 119 ලද තොරතුරක් මත තණමල්විල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

පසුව ජංගම සංචාර සඳහා යොදවා සිටි නිලධාරීන් විසින් තණමල්විල රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොටට රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 34ක් වන ඌව කුඩාඔය ප්‍රදේශයේ පදිංචි අයෙකි.

මෘත ශරීරය සම්බන් මුලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය අද (23) සිදුකිරීමට නියමිතය.

සැකකරුවන් හඳුනාගෙන ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා තණමල්විල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.