ඩොලරය ඉහළ යාම ලංකාවට පමණක් සිදුවන්නක් නොවෙයි

0
423

රටේ අපනයනය වැඩිකිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය ඉදිරියේදි නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

අතීතයේ අපනයනය 27% ක් පමණ සිදු කර ඇති අතර එය වර්තමානයේ 7.9% දක්වා අඩු වී ඇති බවත් ඒ සඳහා සෑම කෙනෙකුම වග කිව යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් ආර්ථීකයට සිදු වන බල පෑම් වලක්වා ගැනිමට නම් අපනයන ක්ෂේත්‍රය ඉහළ මට්ටමකට ගෙන ආ යුතු බවත් ඒ සඳහා වත්මන් රජය මේ වන විට පියවර රැසක් ගෙන ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.