ඩයස්පෝරාවේ සහාය ගන්න ඩයස්පෝරා කාර්යාලයක්

0
21

ඩයස්පෝරාවේ සහාය ශ්‍රී ලංකාවට ලබාගැනීම වෙනුවෙන් ඩයස්පෝරා කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට රජයේ අවධානය යොමුව තිබෙන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ, සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී ඊයේ (16දා) පස්වරුවේ පැවැති “විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලනය – 2022” සම්මාන උළෙල අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ අද වනවිට රට ගොඩනැගීම වෙනුවෙන් පියවර රැසක් ගනිමින් තිබෙන බවත් ඒ වෙනුවෙන් සියලු පාර්ශවයන්ගේ සහාය අවශ්‍ය බවත්‍ ය.