ටෙක්සාස් පාසලක වෙඩි තැබීමකින් 10ක් මරුට

0
362

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සැන්ටා ෆේ උසස් පාසලේ සිදු වූ වෙඩි තැබීමකින් 10දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. මියගිය අයගෙන් වැඩි දෙනකු පාසලේ අධ්‍යාපනය ලබන සිසුන් බවත් පෙබරවාරි මාසයේ ෆ්ලොරීඩාහි පාසලක සිදුවූ වෙඩි තැබීමෙන් පසු ඇතිවූ භයානකම සිද්ධිය මෙය බවත් පැවසේ.

සිද්ධිය සම්බන්ධව එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව ටෙක්සාස් පොලිසිය පවසයි. කෙසේ වුවද මියගිය සංඛ්‍යාව පොලිසිය විසින් තහවුරු කර නොමැති අතර තුවාල ලැබූ අය අතර පොලිස් නිලධාරියකු ද සිටින බව වාර්තා වී ඇත.

පාසල ආරම්භ කරන අවස්ථාවේ ගින්නක් පිළිබඳ අනතුරු ඇඟවීමේ සංඥා ක්‍රියාත්මක වී ඇති අතර ඒ මොහොතේම වෙඩි තැබීම ආරම්භ වී ඇති නමුත් අනතුරු ඇඟවීමේ සංඥා ක්‍රියාත්මක වූයේ කෙසේදැයි පැහැදිලි නොමැති බව පොලිසිය පවසයි.

හෙලිකොප්ටර් හා ගිලන් රථ යොදාගෙන තුවාලකරුවන් රෝහල් කරා ප්‍රවාහණය කළ බව ප්‍රදේශයේ ෂෙරිෆ්වරයා පවසයි.