ජාතික ලැයිස්තු මන්ත්‍රිධුර නම් කිරීමේ කාල සීමාව අදින් අවසන් වේ.
මෙවර මහා මැතිවරණයෙන් දේශපාලන පක්ෂ 07ක් ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර හිමිකර ගනු ලැබීය.
ඒ අනුව මේ වන විට පොදු ජන පෙරමුණ, ඉලංගෙයි තමිල් අරසුකච්චි, ජාතික ජන බලවේගය, අහිල ඉලංකෙයි තමිල් කොංග්රස්, සමගි ජන බලවේගය යන් පක්ෂ මේවන විටත් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ලේඛන මැතිවරණ කොමිෂන් සභාව වෙත බාර දී තිබේ.
ඒ අතුරින් 19 දෙනෙකුගේ නම් මේ වනවිටත් ගැසට් කර තිබේ.
කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය සහ අපේ ජන බල පක්ෂය මේ දක්වාත් ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර ලේඛන මැතිවරණ කොමිෂන් සභාව වෙත බාර දී නොමැති බව වාර්තා වේ.
එම පක්ෂ දෙකෙහි මතුව ඇති අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති අතර අද (14) පෙරවරුවේ දී ජාතික ලැයිස්තු මන්ත්‍රිධුර ලේඛන කොමිෂන් සභාව වෙත බාරදෙන බව ඔවුන් ප්‍රකාශ කර ඇත.
කෙසේවෙතත් අද පස්වරු 4 වන විටත් අදාළ පක්ෂ දෙකට ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර නම් කිරීමට හැකියාව නොලැබුනහොත් පාර්ලිමේන්තුවේ කටයුතු මන්ත්‍රි ආසන දෙකක් පුරප්පාඩුව ඉදිරිකටයුතු සිදුකෙරෙනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ නීති අධ්යක්ෂ නිතිඥ නිමල් .ජි. පුංචිහේවා මහතා සඳහන් පැවසීය.