ජපාන ආරක්ෂක ඇමති වරායට ගිය හේතුව කියයි

0
439

ජපාන ආරක්ෂක අමාත්‍යවරයා විසින් කොළඹ හා ත්‍රිකුණාමලය වරායන් නිරීක්ෂණය කරනු ලැබුවේ මෙම වරායන් දියුණු කිරීමට ජපානය උදව් කරන නිසාවෙන් බවත්.,හම්බන්තොට වරාය නිරීක්ෂණය කළේ බොහෝ දෙනෙකු එය නිරීක්ෂණය කරන නිසා බවත් වරාය හා නාවික හමුදා අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.

අද (23) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම මේ බව කියා සිටියේය. කොළඹ වරාය දියුණු කිරීමට ජපානය විශාල ලෙස ආධාර ලබාදී තිබෙන බවත්, ත්‍රිකුණාමල වරායට ඔවුන් නවීන තාක්ෂණය ලබාදී තිබෙන බවත් හෙතෙම මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය