ජනපති මැදිහත් වී ගෑස් බෙදා දෙයි

0
37

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ උපදෙස් මත දැනට පවතින තොග වලින් ගෑස් නිකුත් කිරිමට පියවර ගන්නා බව ලිට්රෝ සමාගමේ සභාපති විජිත හේරත් සඳහන් කරයි.

ඒ අනුව අද(09) සහ හෙට(10) යන දිනයන් හිදී කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක සඳහා ගෑස් සිලින්ඩර් 15,000 බැගින් නිකුත් කිරිමට පියවර ගන්නා බව ලිට්රෝ සභාපතිවරයා සඳහන් කරයි.

ලබන සිකුරාදා සහ සෙනසුරාදා ගෑස් මෙට්‍රික් ටොන් 3,500 ක් රැගත් නෞකාවන් දෙකක් දිවයිනට ලඟා වීමට නියමිත බව ද ලිට්රෝ සමාගම වැඩිදුරටත් පවසයි.