ජනපති තීරණයක් ගනී – සාලි සහ හිස්බුල්ලාට ඉවත්වීමට දැනුම් දෙයි

0
403

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා යන මහත්වරුන්ට තම. තනතුරුවලින් ඉවත් වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ නියෝජිතයෙකු ඊයේ (02) රාත්‍රී දැනුම්දී තිබෙනවා.

ඊයේ රාත්‍රී 8ට පමණ මෙම දැනුම්දීම කර ඇති බවයි ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

ඔවුන් තනතුරුවලින් ඉල්ලා අස් නොවන්නේ නම් අද (03) දහවල් 12වන විට ඔවුන්ව ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවත් එම නියෝජිතයා දැනුම්දී තිබෙනවා.

රිෂාද් බදියුදීන් අමාත්‍යවරයාටද සිය අමාත්‍ය තනතුර පිළිබඳව තීරණයක් ගන්නා ලෙස දැනුම්දී ඇති අතර මෙම දේශපාලන නායකයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ද ජනාධිපතිතුමන් උපදෙස් ලබාදී ඇති බව වාර්තා වනවා.