ඡන්ද දායකයෝ බුද්ධිමත්-ලකී

0
387

ප්‍රාදේශීය සභාවක ඡන්ද විමසීමකින් ජනාධිපතිවරණයේ ජයග්‍රහණය තීරණය කළ නොහැකි බව නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන වැඩබලන අමාත්‍ය ලකී ජයවර්ධන මහතා පවසයි.

ඡන්ද ප්‍රථිඵල නිකුත් වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙරට ඡන්ද දායකයින් ඉතාම බුද්ධිමත් වන නිසා මෙවැනි දෙයකින් තම පක්ෂය සැලෙන්නේ නැති බවත් ජනාධිපතිවරණයේ දී නියත ජය ලැබෙන්නේ එජාප අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.