චීනයේ සිටි සිසුන් 48ක් යළිත් දිවයිනට

0
278

චීනයේ සිටි තවත් ශ්‍රී ලාංකික සිසුන් 48 දෙනෙකු ඊයේ (30දා) දින රාත්‍රීයේත්, අද (31දා) අලුයමත් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

30 දා රාත්‍රී 9.00 ට චෙංඩු සිට පැමිණි එයා චයිනා ගුවන් සේවයේ සී.ඒ.- 425 දරන ගුවන් යානයෙන් 33 ක් ද , 31 දා අලුයම 5.10 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා දෙකක් වූ ෂැංහයි සිට පැමිණි යූ.එල්.- 867 දරන ගුවන් යානයෙන් 06 දෙනෙකු ද , ග්වැන්ෂෝ සිට පැමිණි යූ.එල්.- 881 දරන ගුවන් යානයෙන් 09 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

පසුව මොවුන් ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව, ඔවුන්ගේ නිවෙස් වෙත යොමු කර තිබේ.

මෙම කොරෝනා වෛරස රෝගී තත්වයට ඇති වීමට පෙර තත්වයට සාපේක්ෂව චීනයේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් යානා වල සිටින ගුවන් මගීන් සංඛ්‍යාව බෙහෙවින් අඩු මට්ටමක පවතී.