චමීර සහ වනිඳු හසරංග අද මුල්වරට කරන්න යන දේ

0
368

මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියේ දෙවන කොටස සඳහා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලට තෝරාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග අද මුල්වරට තරඟ බිමට පිවිසෙනවා.

ඔවුන් දෙදෙනාම අද තරඟය සඳහා සහභාගි වන සංචිතයට ඇතුළත් කර ඇති බවයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ලැබෙන වාර්තා සඳහන් කළේ.

වනිඳු හසරංගට සහ දුෂ්මන්තට චමීර අයි.පී.එල්. තරඟාවලිය සඳහා සහභාගි වීමට අවස්ථාව හිමිවූයේ ඉන්දීය පිල සමඟ පැවති තරඟාවලියේදී දැක්වූ දස්කම් හේතුවෙන්.

මේ අතර, මෙවර අයි.පී.එල්. තරඟාවලියෙන් පසු රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලේ නායකත්වයෙන් ඉවත් වන බව ඉන්දීය නායක විරාට් කෝලි නිවේදනය කළා.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියෙන් පසු ඉන්දීය විස්සයි විස්ස කණ්ඩායම මෙහෙයවීමට බලාපොරොත්තු නොවන බවයි විරාට් කෝලි ඊට පෙර ප්‍රකාශ කළේ.