චමරි අතපත්තුගෙන් පිටිය සිසාර වර්ණවත් හයේ පහරවල්

0
21
ADELAIDE, AUSTRALIA - NOVEMBER 11: Chamari Athapaththu of the Perth Scorchers bats during the Women's Big Bash League match between the Sydney Thunder and the Perth Scorchers at Karen Rolton Oval, on November 11, 2021, in Adelaide, Australia. (Photo by Mark Brake/Getty Images)

ආරාධිත ෆෙයාර්බ්‍රේක් තරගාවලියේ සමාරම්භක තරගයේ දී ෆැල්කන් කණ්ඩායම නිටෝජනය කරමින් වෝරියර්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 52කින් වේගවත් ලකුණු 107ක් ලබා ගැනිමට චමරි අතපත්තු ඊයේ (05) සමත් විය.

ප්‍රතිවාදී වෝරියර්ස් කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ දී කඩුළු 2ක් පමණක් දැවී ලකුණු 177ක් වාර්තා කිරීමට සමත් වුනා.

පිළිතුරු වශයෙන් ෆැල්කන් කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහර දීමට නවසීලන්ත ක්‍රීඩිකා සුසී බේට්ස් සමග පිටියට පිවිසි චමරි අතපත්තු ලකුණු 133 සබඳතාවයක් පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගීමට සමත් වුවා.

මෙම තරගයේ සිය දක්ෂතාවය පෙන්වමින් චමරි අතපත්තු පිටිය සිසාර වර්ණවත් හයේ පහර 5ක් සහ හතරේ පහර 13ක් ලබා ගැනීමට සමත් වුනා.