ගිනි බිසාව් රාජ්‍යයේ ජනපති දිවයිනට

0
190

ගිනි බිසාව්(Guinea-Bissau) රාජ්‍යයේ ජනාධිපති උමාරෝ සිසෝකෝ එම්බාලෝ (Umaro Cissoko Embalo) මහ කෙටි සංචාරයක් සඳහා අද(14) දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

එතුමා සමඟ දූත පිරිස ලෙස සිව් දෙනෙකු පැමිණ සිටිති.

ඔවුන් ගිනි බිසාව් රාජ්‍යයේ සිට කුවේට් බලා යන අතරතුර මෙසේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් ගිනි බිසාව් රාජ්‍යයට අයත් විශේෂ ගුවන් යානයකින් අද දහවල් 11.10ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

මෙම පිරිස පිළිගැනීම සඳහා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා කටුනායක ගුවන් තොටුපළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියේය.

මෙම පිරිස ගුවන් යානයෙන් බැස ගත් වහාම කොළඹ බලා පිටත්ව ගියහ.

මොවුන් අද දහවල් 1.30 ට පමණ යළිත් ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම කුවේට් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යෑමට නියමිතය.