ගිණිඅවි සමග 4 ක් අත්අඩංගුවට

0
1187

ගිනි අවි 4ක් සමග සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.මොණරාගල පොලිස් කොට්ඨාශයේ ස්ථාන කිහිපයක දී පොලිසිය සිදු කල විශේෂ මෙහෙයුමක දී මෙම ගිනි අවි සහ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

වැල්ලවාය, මැදගම සහ ඇතිමලේ යන ප්‍රදේශවල දී අත්අඩංගුවට ගත් සැකකරුවන් එම ප්‍රදේශවලම පදිංචිකරුවන්. ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කළ බව පොලිසිය පවසනවා. සැකකරුවන් කුමන හේතුවක් සඳහා මෙම ගිනිඅවි ලග තබාගෙන සිටියේ ද යන්න පිළිබඳ තොරතුරු මෙතෙක් හෙලිව නැහැ. සැකකරුවන් මොනරාගල,වැල්ලවාය සහ සියඹලාණ්ඩුව යන මහේස්ත්‍රාත් අධිකරණවලට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.