ගම්පහ බෑනා නැන්දම්මාව ඝාතනය කරලා

0
360

ගම්පහ, ඉහලයාගොඩ ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කර තිබේ.

ඇයගේ දියණියගේ ස්වාමිපුරුෂයා විසින් ඝාතනය සිදුකර ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලීසිය පැවසීය.

ඝාතනයට ලක්ව ඇත්තේ ඉහලයාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි කාන්තාවකි.

සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා යක්කල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.