කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

0
130

එළඹෙන 26 වන සෙනසුරාදා උදෑසන අටේ සිට පසුදා උදැසන 8 දක්වා පැය 24 ක කාලයක් මහරගම, බොරලැස්ගමුව, හෝමාගම ඇතුළු තදාසන්න ප‍්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා

ඒ අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන්.

එම ජලකප්පාදුව සිදු කෙරෙන සෙසු ප‍්‍රදේශ වන්නේ කොට්ටාව/ පන්නිපිටිය/ රුක්මල්ගම/ පැලැවත්ත/ මත්තෙගොඩ/ මීපේ සහ පාදුක්කයි.

මේ හේතුවෙන් අවශ්‍ය ජලය කල් තබා රැස් කර ගන්නා ලෙයසි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය එම ප‍්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.