කොවිඩ් නොසලකා පාටි දැමු අගමැති ජොන්සන් ට විරෝධය

0
62

කොවිඩ් රීති පසෙකලා අග්‍රාමාත්‍ය නිල නිවස තුළ තම උපන්දිනය සැමරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ට එරෙහිව විරෝධයක් මතුවෙමින් තිබේ.

කොවිඩ් හේතුවෙන් මුළු රටපුරා දැඩි සංචරණ සීමා පනවා තිබෙන සමයේ එම සාදය පැවැත්වූ බව ඔහුගේ කාර්ය මණ්ඩලය පිළිගෙන තිබුණි.

2020 ජූනි මාසයේ පැවති උපන්දින සැමරුම සඳහා 30 දෙනෙකු පමණ එක්වී ඇති අතර එහිදී “Happy Birthday” යනුවෙන් ගායනා කරමින් කේක් කැපූ බව සඳහන් විය.

නමුත් අග්‍රාමාත්‍ය නිල නිවසේ කාර්ය මණ්ඩලය පැවසුවේ අගමැතිවරයා එම උපන්දින සැමරුම සංවිධානය කිරීමට සම්බන්ධ නොමැති බවත් ඔහු එම ස්ථානයේ රැඳී සිටියේ විනාඩි 10කට අඩු කාලයක් බවත්ය.

මීට සති කිහිපයට පෙරද මත්පැන් සාදයක් සම්බන්ධයෙන් බොරිස් ජොන්සන් ට චෝදනා එල්ලවූ අතර සමහර විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන් පැවසුවේ ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවය.