කොවිඩ් ආසාදිතයෝ 319ක් සුවය ලබති

0
12

අද (21) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 319ක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 15,590ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 19,280ක් වන අතර මෙරට කොවිඩ් මරණ 74ක් සිදුව ඇත.

කෙසේවෙතත් පුද්ගලයින් 5,616ක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.