කොලොන්නාවේ නීති විරෝධීව මත්පැන් අලෙවි කළ අයෙක් අත්අඩංගුවට

0
396

වැල්ලම්පිටිය, කොලොන්නාව ප්‍රදේශයේදී නීතිවිරෝධි ලෙස මත්පැන් අලෙවි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකා නිළධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

එහිදී සැකකරු සතුව තිබී විදෙස් මත්පැන් බෝතල් 20ක් සහ රුපියල් ලක්ෂ 45ක මුදලක් පොලිසිය බාරයට ගෙන තිබේ.

සැකකරු කොලොන්නාව ප්‍රදේශයේම පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකි

අත්අඩංගුවට ගත් සැකකරු අද (06) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.