කොරෝනා රෝගීන් ගණන 10 ක් දක්වා ඉහලට

0
133

කොරෝනා වෛරසය වැළදුණු තවත් රෝගීන් දෙදෙනෙක් හමුවූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා. මේ වන විට ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති මුළු කොරෝනා රෝගීන් ගණන 10 ක් වනවා.

මෙලෙස හඳුනාගෙන ඇති 09 වන රෝගීයා 56 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය ඉතාලියේ සිට මෙම මස 07 වනදා මෙරටට පැමිණ ඇති අතර ඇය දැනට IDH රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මිට අමතරව කොරෝනා වෛරසය වැළදුණු 10 වන රෝගියා 17 හැවිරිදි තරුණියක් වන අතර ඇය කලින් තහවුරු කර ගත් රෝගියෙකුගේ ඥාතියෙක් බවයි වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ.
………………………………………………………………..

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ගනිමින් සිටි තවත් පුද්ගලයෙක්ට කොරෝනා වෛරසය වැළදී ඇති බවට මිට සුළු මොහොතකට පෙර තහවුරුවී තිබෙනවා.

ඔහුද ඉතාලියේ සිට මෙරටට පැමිණි 42 හැවිරිදි පුද්ගලයෙක් බවයි සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ.

මේ වන විට ලංකාවෙන් හමුවී ඇති මුළු කොරෝනා රෝගීන් ගණන 08 ක් වනවා.

………………………………………………………………….

මේ වන විට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 7 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම සහ එහි වත්මන් තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවැත්වුණු මාධ්‍ය හමුවේ දී ඒ මහත්මිය මේ බව බව පැවසීය.

එහිදී අදහස් දැක්වු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ අලුතින් වාර්තා වු රෝගීන් දෙදෙනා ද ඉතාලි සිට මෙරටට පැමිණි අයවලුන් වන බවය.

මේ අතර මුලින් තහවුරු කර ගත් මාර්ගෝපදේශකයින් දෙදෙනාට අමතරව ඊයේ දිනයේදි වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු කර ගත් පුද්ගලයින් තිදෙනෙකුද වාර්තා විය.

මෑතකදි ජර්මනියේ සංචාරය කර මෙරටට පැමිණි 41 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් ඒ අතර වන අතර ඔහු මේ වන විට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

අනෙක් පුද්ගලයින් දෙදෙනා වන්නේ ඉතාලියේ සිට පසුගිය 11දා මෙරටට පැමිණ කන්දකාඩු නිරෝධානය මධ්‍යස්ථානයේ රදවා සිටි අයයි.

37 හා 43 යන වයස්වල පසුවු ඔවුන් දෙදෙනා මේ වන විට පොළොන්නරුව මහා රෝහලේ හා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටියි.