කැබිනට් මණ්ඩලයේ විශේෂ රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (13) දහවල් 12.00ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වේ.
සියලුම අමාත්‍යවරුන්ට හෙට දහවල් පැවැත්වෙන විශේෂ කැබිනට් රැස්වීමට සහභාගි වන ලෙස ජනාධිපති කාර්යාලය අද (12) පස්වරුවේ ඇමැතිවරුන්ට දුරකථනයෙන් දැනුම් දී තිබේ.
එහෙත් මෙම විශේෂ කැබිනට් රැස්වීම පැවැත්වෙන්නේ කුමන කාරණයක් සම්බන්ධයෙන්ද යන්න ඇමැතිවරයාට ද දැනුම් දී නොතිබුණි.
සතිපතා පැවැත්වෙන සුපුරුදු කැබිනට් රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) උදේ පැවැත්විණි.