කැන්ගරුවන්ට පහසු ජයක්

0
26

ලංකාව සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට්
තරගාවලියේ පළමු පන්දුවාර 20 තරගය අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
ආරම්භ වුනා.

තරඟයේ කාසිය වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම
සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට අරාධනා කළා.

ඒ අනුව ප්‍රථමයෙන්ම පන්දුවට පහරදීම සඳහා පැමිණි පැතුම් නිස්සංක සහ දනුෂ්ක ගුණතිලක
ඉතා හොඳ වේගවත් ආරම්භයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන්නා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල මුළු ලකුණු සංඛ්‍යාව 39ව තිබියදී දැවී ගියා .

ඉන් පසු පිටියේ එක් වුනු චරිත් අසලංක සහ පැතුම් නිස්සංක දෙවන කඩුල්ල සඳහා අගනා
ලකුණු 61ක සබඳතාවක් ගොඩනැගුවා.

තරඟයේ දෙවන කඩුල්ල ලෙස ලකුණු 36ක් ලබා සිටි පැතුම් නිස්සංක දැවී ගියා.

ඉන් පසු පිටියට පිවිසි ක්‍රීඩකයින්ට වැඩි සාර්ථකත්වයක් ලබා ගැනීමට ඕස්ට්‍රේලියානු
පන්දු යවන්නන් ඉඩ දුන්නේ නැහැ.

තරගයේ 16 වන පන්දුවාරයේදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර සුළු මොහොතකට තරඟය
නතර කර නැවතත් තරඟය ආරම්භ කරනු ලැබුවා.

කෙසේ වෙතත් තරඟයේ නියමිත පන්දුවාර 20 අවසාන වීමටත් පෙර පන්දුවාර 19යි පන්දු 3කදී
සියල්ලන් දැවී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 128ක් පමණයි.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් Josh Hazlewood කඩුළු 4ක් සහ Mitchell Starc කඩුළු 3ක්
ලබා ගැනීමට සමත් වුනා.

ලකුණු 129ක් ජයග්‍රාහී ඉලක්කයක් හබා යාමට පිටියට පිවිසි ඔස්ට්‍රලියානු කණ්ඩායම
කිසිදු පිඩනයකින් තොරව තමන්ට නියමිත ඉලක්කය කිසිදු කඩුල්ලක් නොදැවී ලබා ගත්තා.

ආරොන් ෆින්ච් නොදැවී ලකුණු 61යි ,ඩේවිඩ් වෝනර් නොදැවී ලකුණු 70යි.