ක්ෂේත‍්‍ර 42කට අදාළ මාර්ගෝපදේශ නීතිමය වශයෙන් බලාත්මක කිරීමට පියවර

0
284

ක්ෂේත‍්‍ර 42 ක කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නිකුත් කර ඇති මාර්ගෝපදේශ නීතිමය වශයෙන් බලාත්මක කිරීම සඳහා ඉදිරියේදී ගැසට් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

නිකුත් කර තිබූ මාර්ගෝපදේශයන්හි පැවති අඩුපාඩු නිවැරදි කිරීමට ද මේ වනවිට කටයුතු කර ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ.

එක් – එක් ක්ෂේත‍්‍රයන්හි කටයුතු කි‍්‍රයාත්මක කළ යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට පිවිස තොරතුරු ලබාගත හැකි බව ද ඒ් මහතා පවසයි.