කළුතර මුහුදු තීරයේ දිය නෑමට ගිය සිසුන් 5ක් අතරින් එක් පාසල් සිසුවෙක් අතුරුදන්

0
286

කළුතර දකුණ පොලිස් වසමේ ශාන්ත සෙබස්තියන් පාරේ පිහිටි හෝටලයක් පිටුපස මුහුදු තීරයේ දිය නෑමට ගිය සිසුවෙක් අතුරුදන්ව ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ඊයේ(21) දින සවස 3.30ට පමණ මෙය සිදුව ඇත.

සිසුන් පස් දෙනෙක් දිය නෑමට ගොස් ඇති අතර, එයින් එක් සිසුවෙක් මෙලෙස අතුරුදන්ව තිබේ.

මේ පිළිබඳ කළුතර දකුණ පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

මෙසේ අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 15 ක් වු බෝගහවත්ත, කටුකුරුන්ද, කළුතර දකුණ ලිපිනයේ පදිංචි කටුකුරුන්ද ධර්මපාල විද්‍යාලයේ 10 වන වසරේ ඉගෙනුම ලබන මඳුරාගේ සසිඳු මල්ශාන් යන පිරිමි දරුවෙකි.

පොලීසිය, ප්‍රදේශවාසීන් හා කළුතර දකුණ නාවික හමුදා කඳවුරේ නිලධාරීන් අතුරුදන් වු සිසුවා සොයා මෙහෙයුම් සිදු කරයි.

කළුතර දකුණ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.