කළුතර ගම්මාන කිහිපයක සංචරණ සීමා ඉවත් කෙරේ

0
131

කොවිඩ් -19 පැතිරීම පාලනය සඳහා කළුතර දිස්ත්‍රික්කයේ හුදකලා කළ ගම්මාන කිහිපයක සංචරණ සීමා ඉවත් කර තිබේ.

නමුත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ, මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බදුගම නව ජනපද ගම්මානයේ පමණක් සංචරණ සීමා ඉවත් කරනොමැති බවය.

නව කොරෝනා වෛරස ආසාදිතයින් වාර්තා වීම සැළකිල්ලට ගනිමින් හුදකලා කර තිබූ කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, අගලවත්ත, පාලින්දනුවර සහ වලල්ලාවිට යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවලට අයත් ගම්මාන 12ක් මෙලෙස යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන තිබේ.

මේ අතර අද (29) මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.