කළගෙඩිහේනෙදී පහරදුන් සැකකරුවන් හදුනාගැනීමේ පෙරට්ටුවකට

0
184

නිට්ටඹුව කලගෙඩිහේන ප්‍රදේශයේ දී වෑන් රථයකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනා හෙට (22) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පොලීසියට භාරවිමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් එම සැකකරුවන් ඊයේ (20) අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවයි පොලීසිය පැවසුවේය.

ඔවුන් හෙට හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඒ පිළිබද වැඩිදුර විමර්ශන සිදුකරයි.