කටුනායක ගුවන්තොටුපොළ කාර්යබහුල වෙයි

0
26

අද (18) උදෑසන 08.30න් අවසන් වූ පැය 24 ක කාලය තුළ කටුනායක බණ්ඩාරණායක ජාත්‍යාන්තර ගුවන්තොටුපළේ ගුවන් යානා 36ක මෙහෙයුම් කටයුතු සිදුකර තිබේ.

ගුවන්තොටුපළේ කාර්යභාර නිලධාරීවරයා සඳහන් කළේ, ගුවන් මගීන් 1409 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා ඇති බවය.

එම කාලසීමාව තුළ ගුවන් යානා 18 කින් ගුවන් මගීන් 762 කු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

ඔවුන් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ, ඕමානයේ, සෞදි අරාබියේ රියාද්, කුවෙට්, දකුණු කොරියාවේ ඉන්චියෝන්, කටාර් රාජ්‍යයේ දෝහා සිට මෙරටට පැමිණ ඇත.

එමෙන්ම එම කාලසීමාව තුළ ගුවන් මගීන් 647 දෙනෙකු ගුවන් යානා 18 කින් විදෙස් රටවල් බලා පිටත්ව ගොස් ඇති බව ද කාර්යභාර නිලධාරීවරයා සඳහන් කළේය.

ඔවුන් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඩුබායි වෙත සහ සෞදි අරාබියේ දමාම් වෙත පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

දිවයිනට පැමිණි ගුවන් මගීන් නිරෝධායන ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් තිබේ.