ඕනෑම කැඳවීමකට මම සූදානම්-රංජිත් මද්දුමබණ්ඩාර

0
210

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතුවලට අදාලව සාක්ෂි ලබාදීම සඳහා සිදු කරන ඕනෑම. කැඳවීමකට තමන් සූදානම් බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

රාජ්‍ය සේවකයින්ගේ ඇඳුම සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලු සම්බන්ධයෙන් මාධ්‍ය වේදින් නැගු පැනයකට පිලිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසුවේ නව චක්‍ර ලේකනය අනුව පිරිමි – කලිසම සහ කමිසය, ජාතික ඇඳුම සහ කාන්තා – සාරිය, ඔසරිය හෝ සංවර ඇඳුමක් ලෙස සංශෝධනය කර ඇති බවයි.

හිටපු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයෙක් ලෙස යම් කිසි ප්‍රශ්න කිරීමක් සඳහා තමන්ව කැද වුවහොත් ඔනෑම අවස්ථාවකදි තමන් පිලිතුරු දීමට සුදානම් බවද අමාත්‍යවරයා පැවසීය.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සහරාන් නැමැත්තා පිලිබඳව 2018 ජුනි මාසයේ විවෘත වරෙන්තුවක් තබා ගෙන තිබේන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.