ඒකා හරිහමන් මනමාලයෙක් ද-ගම්මන්පිල

0
288

මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින මහ බැංකුවේ. හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා නුදුරේදී සිය ආණ්ඩුවක් යටතේ මෙරටට ගෙනැවිත් දඬුවම් ලබාදෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

ඊයේ (03) පෙරවරුවේ සිය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

තමාව අත්අඩංගුවට ගතහොත් බැඳුම්කර වංචාව සිදු කිරීමට උපදෙස් දුන් අය ගැන හා මෙය සිදු කිරීම පිටුපස සිටින දේශපාලනඥයින් කවුරුන්ද යන්න පිළිබඳ රටට හෙළි කරනවා යන තර්ජනය අර්ජුන මහේන්ද්‍රන් විසින් ආණ්ඩුවේ ලොක්කන්ට පැවසු බවත් ගම්මන්පිල මහතා මෙහිදී පැවසීය.

එම තර්ජනයට බිය වුණ ආණ්ඩුව ඔහුව හොර රහසේම රටින් පිට කළ බවත් පැවසු ගම්මන්පිල මහතා, මේ මොහොතේ අර්ජුන් මහේන්ද්‍රන් බේරි ඇති බව සිතා සිටින බවත් කියා සිටියේය.

නමුත් ලෝකයේ කොහේ සිටියත් නුදුරු දිනයක බලයට පැමිණීමෙන් පසු තමන්ගේ ආණ්ඩුවක් යටතේ අධිකරණයට ඉදිරිපත් කරන බවද ගම්මන්පිල මහතා මෙහිදී පැවසීය.

කේ.පීට අත්වුණ ඉරණම මතක ඇතැයි ද මෙහිදී ගම්මන්පිල මහතා කියා සිටියේය.

ප්‍රශ්නය 01 -මන්ත්‍රිතුමා ඊයේ දයාසිරි ජයසේකර මහත්තයා කියනවා පොහොට්ටුව සාකච්ඡා අසාර්ථක කරන්න කුමන්ත්‍රණයක් පොහොට්ටුව තුළින්ම දියත් වෙනවා ඒකේ ප්‍රධානතම සිද්ධිය තමයි ඩිලාන් සහ එස් .බී. පොහොට්ටුවට ගැනීම කියල කියනවා ?

මෙයට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, එස්.බී. දිසානායක හා ඩිලාන් පෙරේරා යන මහත්වරු අමාත්‍යධූර අතහැර සන්ධානයට එක් වුයේ 2018 අප්‍රේල් මාසයේ බවත්ය.

අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීම එහි ප්‍රධානතම අවස්ථාව වන බවත් එදා සිට අපිත් සමඟ වැඩ කල බවත් මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

ප්‍රශ්නය -02 එතුමන්ලානම් කියන්නේ විවාහය තීන්දුවෙලා තියෙද්දි මනමාලිය ගෙනගොස් දුෂණය කළා කියලා?

එහිදී අදහස් දක්වමින් ගම්මන්පිල මහතා , “ඒකා හරිහමන් මනමාලයෙක් ද? තමන්ගේ මනමාලිය දුෂණය කරනකම් බලන් ඉඳලා, මාධ්‍ය හමු තියලා ඒක කියන්නේ“ යනුවෙන් ද කියා සිටියේය.

තමන් මනමාලයා කියලා හිතාගෙන හිටපු කෙනාට හොඳ වචනයක් කියනවා නමුත් මාධ්‍ය හමුවේදී එය නොකියු බවත් ය.