එංගලන්ත කණ්ඩායමට ජය

0
19

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති දෙවැනි සහ අවසන් ටෙස්ට් තරඟය කඩුලු 6කින් ජය ලැබීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්විය.

තරඟයේ සිව් වැනි දිනය වූ ඊයේ (25) ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු 164, කඩුලු 4ක් පමණක් දැවී රැස් කිරීමට එංගලන්ත ක්‍රීඩකයෝ සමත්වූහ.

ඒ අනුව දෙරට අතර පැවති ටෙස්ට් තරඟාවලිය 2-0ක් ලෙස ජයගැනීමට සංචාරක කණ්ඩායම සමත් විය.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම පිටපිට ටෙස්ට් තරඟ 4ක් පරාජය වී තිබේ. පසුගිය දා දකුණු අප්‍රිකාව සමග එරටදී පැවති ටෙස්ට් තරඟාවලිය ද 2-0ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය විනි.

දෙවැනි ටෙස්ට් තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලකුණු 381ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස සංචාරක එංගලන්ත කණ්ඩායම අද උදෑසන ලකුණු 344කට සියලු ක්‍රීඩකයින් දැවී ගියේය.

ලකුණු 37ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඹු ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 126කට සීමා වුණි.

ලසිත් ඇඹුල්දෙනිය ලකුණු 40යි.

ඒ අනුව ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු 164 කඩුලු 4ක් පමණක් දැවී ලබාගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් විය.

එංගලන්ත දෙවැනි ඉනිම වෙනුවෙ ඩම් සිබ්ලි නොදැවී ලකුණු 56යි. ජොස් බට්ලර් නොදැවී ලකුණු 46යි.

ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 77ට කඩුලු 3යි. ඒ අනුව මෙම තරඟයේදී ලකුණු 214කට කඩුලු 10ක් දවා ගැනීමට ඔහු සමත් විය.