එංගලන්තයට පහසු ජයක්

0
27

එංගලන්තය සහ ඉන්දියාව අතර පැවති පළමු ටෙස්ට් තරඟයෙන් ලකුණු 227ක ජයක් වාර්තා කිරීමට සංචාරක එංගලන්ත කණ්ඩායම ඊයේ (09) සමත්විය.

චෙන්නායි හිදී එම තරඟය පැවැත්විණි.

ජයග්‍රහණය සඳහා ලකුණු 420ක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම සියලුදෙනා දැවී රැස්කළේ ලකුණු 192ක් පමණි.

නායක විරාත් කෝලි ලකුණු 72ක් රැස්කළ අතර පන්දු යැවීමෙන් ජැක් ලීච් කඩුලු 4 සහ ජේම්ස් ඇන්ඩර්සන් කඩුලු 3ක් දවා ගත්තේය.

මෙම තරඟයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ලකුණු 578ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස ඉන්දියාව රැස්කළේ ලකුණු 337ක් පමණි.

එංගලන්ත ක්‍රීඩකයෝ සිය දෙවැනි ඉනිමට රැස්කළේ ලකුණු 178ක් පමණි.