ඉම්රාන් ඛාන් රැගත් ගුවන්යානයට ඉන්දීය ගුවන් අවකාශය භාවිත කිරීමට ඉඩ

0
10

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිත පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පැමිණෙන ගුවන් යානයට ඉන්දීය ගුවන් අවකාශය භාවිත කිරීම සඳහා ඉන්දීය බලධාරීන් අවස්ථාව ලබාදී ඇත.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අද (23) දිනයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

කෙසේවෙතත් කාශ්මීර ප්‍රදේශයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිද්ධින් මුල්කර ගනිමින් 2019 වසරේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රැගත් ගුවන් යානයට සිය ගුවන් අවකාශය භාවිත කිරීමට පාකිස්තාන රජය අවස්ථාව ලබා නොදුන් බවද ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන් ය.