ඉන්ධන හිඟයක් නෑ – ඇමති උදය ගම්මන්පිල

0
26

ඉන්ධන බෙදාහැරීම සීමා කරලා

ඉන්ධන මිල වැඩි කරන තෙක් ඉන්ධන බෙදාහැරීම සීමා කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජාතික සේවක සංගමයේ සභාපති ආනන්ද පාලිත මහතා පවසයි.

එම සංගමය පෙන්වා දෙන්නේ මේ වන විට ඇතැම් ඉන්ධන පිරවුම්හල් වල ඉන්ධන හිගයක් දක්නට ලැබෙන බවයි.

“සංස්ථාව කියනවා නම් ඇමැතිත් කියනවා නම් ඇතිවෙන්න තෙල් තියෙනවා කියලා. එහෙනම් පිරවුම්හල්වල හංගලා තියෙන්නේ. හංගපුවා පරීක්ෂා කරන්න නියම ක්‍රමවේදයක් අපේ සංස්ථාව සතුව තියෙනවා.කිසිම කෙනෙක් ගිහිල්ලා බලලා නෑ. මේ ටැංකි පරීක්ෂා කරන්න අපිට අයිතියක් තියෙනවා ඒක තාම කරලා නෑ. ඒක කෙරුවා නම් හංගලා ද කියලා හොයාගන්න පුළුවන්. ඉන් එකක් තේරෙනවා ඉන්ධන මිල වැඩිකරනතුරු තෙල් බෙදාහැරීම ඉතාම සීමිතයි. හේතුව ඇමතිතුමා ඇතිවෙන්න තෙල් තියෙනවා කියනවා. ඉන්ධන පිරවුම්හල්වල තෙල් නෑ. තෙල් නැති නිසා ජනතාව පෝලිමේ.”

මේ අතර රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති නොමැති බවත්, වශ්‍ය ඉන්ධන තොග ඛනිජ තෙල් සංස්ථාව සතුව පවතින බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ද අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෙලෙස අදහස් පල කළේය.

“මේ දිනවල ශ්‍රී ලංකාව ඉන්ධන මිලදීගැනීමට විදේශ විනිමය සොයාගැනීමේ බරපතළ අභියෝගයක ඉන්නේ. රටට එකතුවෙන අපනයන ආදායමෙන් තුනෙන් දෙකක වැඩි ප්‍රමාණයක් ඉන්ධන සඳහා වැය කිරීම අතිශය දුෂ්කර කටයුත්තක්.මේ අතරේ තෙල් සංස්ථාවත් ලංකා IOC සමාගමත් දිගින් දිගටම තෙල් මිල වැඩිකිරීමට අපිට ඉල්ලීම් කරන නිසාත් තෙල් මිල වැඩිවුනොත් තමන්ගේ ඉන්ධන තොගයට අලුත් වටිනාකමක් එකතුවෙන නිසා අද රෑ තෙල් මිල වැඩිවෙනවෝ කියලා කටකතාවක් ගියාම ඉන්ධන සඟවාගෙන සිටීමේ ස්ථාන ගණනාවක් ගැනත් අපිට තොරතුරු ලැබුනා, ඔවුන් ගාව ඉන්ධන තිබෙනවා කියලා අපේ වාර්තාවල තිබියදී ඉන්ධන නෑ කියලා තිබුනා. අපිට සිදුවුනා පරීක්ෂා කරලා ඉන්ධන ලබාදීමට කටයුතු කරන්න. ඉන්ධන මිලදීගැනීමේ දුෂ්කරතාවයක් තිබුණත් මේ වනවිට අපි ගාව තොග තියෙනවා. මිල ඉහළ යාවී යැයි සැකයෙන් කවුරුහරි තෙල් සඟවාගන්නවානම් අනිවාර්යයෙන්ම තෙල් සංස්ථාවට ඒ පිළිබඳව දුරකතනයෙන් දැනුම්දුන්නාම එහි නිලධාරීන් ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙනවා රටේ මේ වෙනකොට ඉන්ධන හිඟයක් නෑ”