ඉන්ධන බවුසරයක් පෙරළෙයි – පෙට්‍රල් එකතු කිරීමට ජනතාව රැස්වෙයි

0
95

ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් මාර්ගයේ ලිස්සා යෑමෙන් අද (25) අලුයම පෙරළීගොස් තිබුණි.

හබරණ – ත්‍රීකුණාමලය ප්‍රධාන මාර්ගයේ හතරැස් කොටුව ප්‍රදේශයේදී එම අනතුර සිදුව තිබුණි.

පෙට්‍රල් ඉන්ධන එහි ප්‍රවාහනය කරමින් තිබී ඇති අතර බවුසරය පෙරළී යෑමත් සමග අවට ජනතාව පැවැති අවදානමද නොතකා ඉන්ධන එක්රැස් කරමින් සිටි බවට වාර්තා වේ.

අනතුරට ලක් වූ ඉන්ධන බවුසරය අසළ පොලිස් නිලධාරීන් ද සිටින අයුරු දැකගත හැකි විය.