ඉන්දිය ප්‍රථම මන්කිපොක්ස් මරණය කේරළයෙන්

0
20

ඉන්දියාවේ සිය පළමු වැනි මන්කිපොක්ස් මරණය දකුණු කේරළ ප්‍රාන්තයෙන් ඉරිදා වාර්තා වූ බව ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය වීනා ජෝර්ජ් උපුටා දක්වමින් පවසයි.

කේරළයේ ත්‍රිසූර් දිස්ත්‍රික්කයේ උපන් 22 හැවිරිදි මෙම පුද්ගලයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ආපසු පැමිණ දින කිහිපයකට පසු පෞද්ගලික රෝහලකදී ජීවිතක්ෂයට පත්ව ඇත.

ඒ අනුව, විදේශයකදී මෙම තරුණයාට මන්කිපොක්ස් වැළඳී ඇති බව පරීක්‍ෂා කර ඇති නමුත් මරණයට හේතුව සොයා ගැනීම සඳහා ඉන්දියාවේදී පරීක්ෂණයක් පවත්වන බව අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසීය.