ඉන්දියා සහ ඇෆ්ගනිස්තාන අතර අද තීරණාත්මක තරගයක්

0
307

ඉන්දීය කණ්ඩායමට තීරණාත්මක තරග 3ක්
පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන කාණ්ඩය යටතේ ඉන්දීයාව සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම් අතර තරගය අබුඩාබි හිදී අද (03) පැවැත්වීමට නියමිතයි.
අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා අද පැවැත්වෙන තරගය කණ්ඩායම් දෙකටම තීරණාත්මක වෙයි.

ඉන්දීය කණ්ඩායම පාකිස්ථාන සහ නවසීලන්ත කණ්ඩායම් හමුවේ දැවැන්ත පරාජයක් ලැබීම හේතුවෙන් ඔවුන් මේ වන විට ලකුණු සටහනේ 05 වන ස්ථානයේ පසුවෙයි.
අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා ඉන්දීය කණ්ඩායම ස්කොට්ලන්ත සහ නැමීබියානු කණ්ඩායම් සමග දළ ලකුණු ලබාගැනීම ඉහළ ප්‍රතිශතයකින් තබාගෙන ජයගත යුතු වේ.