ඉන්දියාවේ දිලීර වසංගත තත්ත්වයක්

0
55

ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක්ම මේ වන විට කළු දිලීර වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

අපිරිසිදු මුහුණු ආවරණ පැලඳීම සහ නිසි අයුරින් වාත්‍රාශ්‍රය නොලැබෙන කාමරවල රෝගීන් රඳවාතැබීම, ඉන්දියාවේ කළු දිලීර රෝගය ව්‍යාප්තවීමට හේතු වී ඇති බවට දිල්ලි සෞඛ්‍ය විශේෂඥයින් විශ්වාස කරති.

මේ අතර වෛද්‍ය අධ්‍යාපනය නොලැබූ හිටපු රෝහල් සේවකයෙක් විසින් පවත්වාගෙන යනු ලබන සායනයක් පිළිබඳ පුවතක් නවදිල්ලි අගනුවර ආසන්නයේ ගම්මානයකින් වාර්තා විය.

එහිදී රෝගීන්ගේ ඔක්සිජන් මට්ටම සහ ශරීර උෂ්ණත්වය පරීක්ෂාකරන බවත් සඳහන්ය.

එම ගම්මානයේ ඇති එකම තාවකාලික කුඩා රෝහලද වෛද්‍යවරු නොපැමිණෙන බැවින් මේ දිනවල වසාදමා ඇති බව ගම්වාසීන් පවසයි.