ඉදිරි දින 4 ඉතාම වැදගත් -හමුදාපති

0
43

කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය හා සම්බන්ධ සියලු පාර්ශ්වයන් මේවන විට හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හමුදාපතිවරයා සඳහන් කර සිටියේ, ඊයේ (15) දිනය වනවිට කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇත්තේ එක් ආසාදිතයෙක් පමණක් බවය.

“කන්දකාඩු සමග සම්බන්ධ වු පුද්ගලයින් සොයා ගැනීමේ හැකියාව ඒ අනුව හිමිවනවා“ යනුවෙන් ද පවසා සිටි හමුදාපතිවරයා, එහි සිටි සියලු රැඳවියන් මේ වන විට පරීක්ෂණයට භාජනය කර අවසන් ඇති බවය.

මේ අතර එහි උපදේශකයින් සියලු දෙනා ද පරීක්ෂණයට යොමු කර ප්‍රතිඵල ලැබී අවසන් බවත් , මේ වන විට අදාළ පුද්ගලයින්ගේ පවුල්වල අයගේ පීසීආර් පරීක්ෂණ ලැබීමට නියමිත බව ද යුද හමුදාපතිවරයා පැවසීය.

පුනරුත්තාපනය වෙන අය බැලීමට ගිය 116 දෙනා සමග සම්බන්ධ 378 දෙනෙකුගේ පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිත බව ද පැවසු ඔහු, ඉදිරි දින 4 ඉතාම වැදගත් වන බව ද කියා සිටියේය.

අනිවාර්යයෙන් ම සෞඛ්‍ය උපදෙස් පිළිපඳින්නැයි නැවත වතාවක් ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද පැවසු හමුදාපතිවරයා ශාරීරික දුරස්ථභාවය පත්වා ගැනීමට වගබලා ගන්නා ලෙසත් පැවසීය.

“හොඳ පුරුදු“ පවත්වා ගන්නේ නම් සාමාජයෙන් කොවිඩ් තුරන් කිරීමට හැකියාව පවතින බව ද ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේය.