ඉකුත් සතියේදී විදෙස් සංචාරකයින් 9000ක් දිවයිනට

0
50

3,107 දෙනෙකුම ඉන්දියානුවන්

පසුගිය සතියේදී විදෙස් සංචාරකයින් 9,545 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

ඉන් 3,107 දෙනෙකු ඉන්දියානුවන් වන අතර, රුසියානුවන් 774 ක්, බ්‍රිතාන්‍යයෙන් 764 ක් මෙන්ම ජර්මනිය, පාකිස්ථානය, මාලදිවයින, ප්‍රංශය, කැනඩාව, ඇමරිකාව හා ස්විට්සර්ලන්තය යන රටවලින් සංචාරකයින් විශාල පිරිසක් මෙම කාලය තුළ දිවයිනට පැමිණ ඇති බවයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කළේ.

රට විවෘත කිරීමත් සමඟ සංචාරකයින්ගේ පැමිණීම ඉහළ යමින් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා යළි සීමා පැනවීමකින් තොරව රට පවත්වාගෙන යාමට හැකි වුවහොත් ලබන වසර අවසන් වනවිට මෙරට ආර්ථිකය යථා තත්වයට පත් කිරීම උදෙසා සංචාරක ව්‍යාපාරයට සුවිශේෂී දායකත්වයක් ලබාදිය හැකිවනු ඇති බවට විශ්වාසය පළ කළා.