ආහාර විෂ වී 60 ක් රෝහලේ

0
389

හැටන් ශ්‍රී පාද විද්‍යා පිඨයේ ආහාර විෂ විමක් හේතුවෙන් සිසු සිසුවියන් 60 දෙනෙකු කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇත.

මෙම පිරිස ඊයේ (22) කුකුල් මස් ව්‍යාජයක් සමඟ බත් ආහාරයට ගත් බවත් අද (23) උදැසන සිට එම ළමුන්ගෙන් පාචනය , ක්ලාන්තය , වමනය යන රෝග ලක්ෂණ ඇතිව රෝහලට ඇතුලත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

රෝහල් ගත කල සිසුන් අතර සිසුවියන් 48 දෙනෙකු සහ සිසුන් 12 දෙනෙකු සිටන බවද වාර්තා වේ.

එම විද්‍යෘපීඨය තුල තවත් පිරිසක් රෝහල් ගත කිරිමට ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.