ආණ්ඩුවට සැලැස්මක් නෑ -ගෝඨාභය

0
301

වත්මන් ආණ්ඩුව බලයට පත්වූයේ කිසිඳු සැලැස්මකින් තොරව බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අද පැවති එලිය සම්මන්ත්‍රණ මාලාවේ තවත් එක සම්මන්ත්‍රණයකට එක් වෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.

හම්බන්තොට වරායේ රටේ අගමැතිවරයාම බන්කරින් නැවැත්වූ බවත් වත්මන් ආණ්ඩුව මත්තල ගුවන්තොටුපලේ වායුසමණය කරන ලද ගබඩාවල වී ගබඩා කළ බවද හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේය.

රටක අගමැතිවරයා දේශපාලනිකව වෛරය නිසා දේශපාලනික සමච්චලය වෙනුවෙන් මෙවැනි අධූර දර්ශීව ක්‍රියා කිරීම තුළින් ආර්ථිකය කඩා වැටීමටද බලපාන බව හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

පසුගිය රජය කරගෙන ගිය සංවර්ධන ව්‍යාපෘති නවතා දැමීම රටේ ආර්ථිකය කඩා වැටීමට හේතුවී ඇති බවත් ආර්ථිකය කඩාවැටීමට හේතු වූ අය සිටින්නේ වත්මන් රජයේම බවද හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේය.