අසීමිත බලහරණය අනුවණකමක්

0
132

මැකියාවේලියානු දෘෂ්ටියකින් දේශපාලනය දෙස බලන විට අසීමිත බලහරණය අනුවණකමක් යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (21) පැවැසීය.

තමන් ජනාධිපති ධුරයට පත්වූ වසරේදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් විධායක ජනාධිපති ධුරයට හිමි වී තිබූ සුවිශේෂී බලතල අත්හැරි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීය.

‘‘ආසියාවේ අපට පොදු ප්‍රජාතන්ත්‍රවාදී අගයන්’’ පිළිබඳව සමුළුව අමතමින් මෛත්‍රීපාල සිරිසේන මහතා එම කරුණු සඳහන් කළේයග ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශය කළ ආරාධයනයකට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සමුළුවේ ප්‍රමුඛ දේශනය කළේය.

සිය දීර්ඝ දේශපාලන දිවියේදී බුද්ධාගමටත් ප්‍රජාතන්ත්‍රවාදයටත් පොදු අගය වූ සාමය,සමානාත්මතාව, ප්‍රකාශන නිදහස, යුක්තිය ආදිය දිනාගැනීමට සමත් වූයේ යැයි ද හෙතෙම කීයග උපරිමාධිකරණවලටල මානව අයිතිවාසිකම්, රාජ්‍ය සේවාල මැතිවරණල පොලිස් ආදී කොමිසම්වලට පත්වීම් නිර්දේශපාලනීයව කළ බව ද ඔහු එහිදි කීවේය.