අවුරුදු 15 ක දරුවෙකු ඝාතනය කරලා

0
501

වාලච්චේන පොලිස් වසමේ දී වයස අවුරුදු 15 ක් වු දරුවෙක් තියුණු ආයුධයකින් ඇණ ඝාතනය කර තිබේ.

ඊයේ(16) සවස 2 ට පමණ වාලච්චේන පොලිස් වසමේ තැපැල් හල පාර, මීරාඩ්ඔය 05, කලපුව යන ප්‍රදේශයේ දී මෙම ඝාතනය සිදුව තිබේ.

ඝාතනය සම්බන්ධයෙන් පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

එහිදී මෙසේ මිය ගොස් ඇත්තේ වාලච්චේන ප්‍රදේශයේම පදිංචි සන්ෂ්දීන් මොහොදු සහීල් නැමති දරුවෙක් බව අනාවරණය වී ඇත.

මරණය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මරණකරු හා සැකකරුවන් අතර, ඇති වු ආරවුලක් දුරදිග යෑමෙන් සැකකරුවන් විසින් තියුණු ආයුධයකින් පහර දීමෙන් මරණකරු බරපතළ තුවාල ලබා වාලච්චේන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 21,23 හා 25 යන වයස්වල පසුවන්නන් බව පොලීසිය පවසයි.

මොවුන් ද මීරාඩ්ඔය 05, යන ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

සැකකරුවන් අද(17) වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

වාලච්චේන පොලීසිය වැඩිදුරට විමර්ශන පවත්වයි.