අවුන් සාන් සුකී ට එරෙහිව පොලීසියෙන් චෝදනා

0
34

හමුදා අත්අඩංගුවට පත් මියන්මාර නායිකා අවුන් සාන් සුකීට එරෙහිව චෝදනා ගොනු කිරීමට එරට පොලීසිය පියවර ගෙන තිබේ.

පසුගිය සඳුදා සිදුකළ හමුදා කුමන්ත්‍රණයකින් අනතුරුව මැතිවරණයෙන් ජයගත් මියන්මාර නායකයින් බලයෙන් පහකර එරට පාලන බලය අල්ලා ගැනීමට හමුදා නායකයෝ ක්‍රියා කළහ.

පොලිස් වාර්තා අනුව හෙළිවන්නේ අවුන් සාන් සුකී ව පෙබරවාරි 15 වනදා දක්වා රඳවාගෙන ඇති බවය.

ආනයන අපනයන නීති උල්ලංඝණය කිරීම සහ නීතිවිරෝධී සන්නිවේදන උපකරණ සිය භාරයේ තබාගෙන සිටීම ඇයට එරෙහිව එල්ල කර ඇති චෝදනා අතර වේ.

ඇය රඳවා සිටින ස්ථානය පිළිබඳව මෙතෙක් පැහැදිලි නොමැති වුවද සමහර වාර්තා පවසන්නේ මියන්මාර අගනගරයේ -නෙයි පී තාවු – හි පිහිටි ඇයගේ නිවසේ අවුන් සාන් සුකී ව රඳවා ඇති බවය.